SINHALA BIBLE STUDY ARTICLES

වතිකානුවෙන් පෙන්වන ජේසු සහ දෙවියන්වහන්සේ කෙරෙන් පැමිණුන ජේසු අතර වෙනස!

ඔයාගේ තාත්තගේ උපත, ඒ වගේම ඔහුගේ ජීවිතය ගැන තොරතුරු, ඔහු කල දේවල්, විකෘති කරලා කවුරු හරි කිව්වොත්, ඔයා කියන්නේ මොකක්ද? ඒ ඔයාගේ තාත්තා නෙමේ, වෙන පුද්ගලයෙකු වෙන්න ඇති කියලා නේද? පුද්ගලයෙකුගේ අනන්‍යතාවය ගැන කියන විස්තර වැරදි විදියට කිව්වොත්, ඒකෙන් ඒ පුද්ගලයාගේ නියම ස්වාභයය අපට හඳුනා ගන්න බැරි වෙනවා. අපිට උගන්වලා තිබෙන අපි අදහන දෙවියන්වහන්සේගේ පුත්‍රයා යැයි කියන ජේසු සහ දේව වචනයෙන් අපට ප්‍රකාශ වන ජේසු යන දෙදෙනාම එකම පුද්ගලයෙක්ද? ඔයා හිතයි අපි අහන්නේ මෝඩ ප්‍රශ්නයක් කියලා. නමුත් මේ වීඩියෝ එක අවසානයේ, ඔයා ඒක මෝඩ ප්‍රශ්නයක්ද කියලා හිතලා බලන්න. වැඩි දුර කතා කරන්නේ නැතුව ඔයා දැනගෙන හිටපු ජේසුයි, දේව වචනයේ ඉන්න ජේසුයි අතර මේ වගේ අසමානතාවයන් තියෙනවා කියලා ඔයා දැනගෙන සිටියද?..


The Universe and its Maker

All of us know the very fact that the universe is vast. In a world of advanced technologies, no man had been able to figure out the total universe. Our solar system consists of 9 planets, with a sun and several moons. This is just our solar system. Over a billions of solar systems builds up a so called galaxy. Over the entire sky, there are more than 100 billion galaxies in the visible universe. It is mind blowing to hear psalms 147:4 that says,..


පේදුරු සභාවේ පර්වතයද?

පේදුරු (පේත්‍රස්) සභාවේ නායකයා හෝ ප්‍රධානියා යැයි ජේසු විසින් ප්‍රකාශ කලාද? මේ සිදුවීම පිළිබද දේව වචනයේ සඳහන් වෙන්නේ මතෙව් 16:18 සිටයි. අපි සෝදිසි කර බලමු මේ පද තුලින් ජේසු පවසන්නේ කුමක්ද කියා! ඔබ දැන සිටි ඔබට ඉගැන්වු කාරණා මොහොතකට අමතක කර හිස්වු මනසකින් යුතුව මේ කාරණා පිළිබද ඔබේ අවධානය යොමු කරන මෙන් අපි ඉල්ලා සිටිනවා. දේව වචනය තුලින්ම අපි කාරණා සොයා බලා පිළිතුරු සපයා ගමු.


දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව කිතුනුවාට අදටත් වලංගුද?

දෙවියන්වහන්සේගෙ ව්‍යවස්ථාව එහෙම නැත්නම් මෝසෙස්ගේ ව්‍යවස්ථාව යනුවෙන් හඳුන්වනු ලබන බයිබලයේ පළමු පොත් පහේ සඳහන් දෙවියන්වහන්සේගෙ ආඥා සහ අණ පනත් (TORAH) කිතුනුවාට අදටත් වලංගුද? මේ ගැටලුව පිළිබඳව නව ගිවිසුමේ පවා කථා බහට ලක් වී තිබුනා. එනම් ඉශ්‍රාලිතයාට පමණද ඒ ව්‍යවස්ථාව අදාල, නැත්නම් ගැළවීම ලැබු අන්‍යය ජාතිකයාටත් එය අදාලද යන්න. මේ සම්බන්ධව මතභේදයට තුඩු දුන් සිදුවීම සඳහන් වන්නේ ක්‍රියා 15 වෙනි පරිච්චේදයේයි..


දේව වචනයෙන් ඔබට අභියෝගයක්

පහළින් ඉදිරිපත්කරන බයිබල් පද සම්බන්ධයෙන් ඔබ මීට පෙර සිතා තිබුනද? එම ප්‍රශ්න වලට ඔබතුල පැහැදිලි පිළිතුරු ඇත්දැයි සෝදිසි කර බලන මෙන් ඉල්ලා සිටිනවා. අපි විශ්වාස කරනවා මෙය ඔබට සත්‍යය සෙවීමට අභියෝග කරන බව. බොහෝ කිතුනුවන් දරන මතත් සමඟ දේව වචනය කොතරම් පටහැනිද යන්න අවසානයේදී ඔබට වැටහෙනු ඇත.


නිරර්ථක යාච්ඤා සහ මළවුන් අයදීම

අද සෑම ආගමක දක්නට ලැබෙන යාච්ඤා ඇට හෝ Prayer beads හා එවැනි මන්ත්‍රණ ගැන දේව වචනයේ සඳහන් වෙන්නේ මොනවද කියා ඔබව දැනුවත් කල යුතු යැයි සිතුවා. මතෙව් 6:7 - 8 ජේසු මෙහෙම කියනවා ඔබ අසා ඇති.